hit counter

2026 ජූනි මස 30 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 04, ප.ව. 9:20



2022 (2023) උසස්පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය සමුදිත නයනප්‍රිය විසින් හිමිකරගෙන තිබෙනවා.

එම සිසුවා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සිසුවෙක්.

මේ අතර වාණිජ අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ සිසුවියක් සමත්වී තිබෙනවා.

ඒ අනුව එම විද්‍යාලයේ දිල්සරණි තරුෂිකා මෙවර වාණිජ අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත.

මෙවර 2022 (2023) උසස්පෙළ විභාගයේ නිකුත් වූ ප්‍රතිඵලවලට අනුව ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ මාතර සුජාතා විද්‍යාලයේ සිසුවියක්.

ප්‍රමුදි භාෂණී මුණසිංහ නමැති ශිෂ්‍යාව මෙලෙස ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත.

2022 (2023) උසස්පෙළ විභාගයේ නිකුත් වූ ප්‍රතිඵලවලට අනුව භෞතික විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබා සිසුවෙකු විසින් හිමිකරගෙන ඇත.

ඒ අනුව ගෝනදූවගේ මනෙත් බනුල පෙරේරා භෞතික විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: