hit counter

2026 ජූනි මස 30 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 13, ප.ව. 12:45



හොරපෙ දුම්රිය ස්ථානය අසල දී දුම්රියෙන් ඇද වැටී මියගිය තරුණයා වෙනුවෙන් ඔහුගේ පවුල වෙත රු ලක්ෂ 5ක මුදලක් ප්‍රදානය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

රූපවාහිනී වැඩසටහනක් සමග එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියා.

මේ අතර අද දිනයේ මේ දක්වා කාලය තුළ දුම්රිය ගමන් වාර 13ක් අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය රියදුරන් විසින් ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: