hit counter

2026 මාර්තු මස 02 වන සඳුදා

2023 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:00



තම පවුලේ ජීවිකාව රැකගැනීම වෙනුවෙන් 09 හැවිරිදි කුඩා දියණිය 55 හැවිරිදි පුද්ගලයෙකුට අලෙවි කළ පියෙකුගේ පුවතක් ඇෆ්ගනිස්ථානයෙන් අසන්නට ලැබෙනවා.

පර්වානා මලික් නමැති මෙම දැරිය 55 හැවිරිදි පුද්ගලයාගේ මනාලිය විමට මෙලෙස අලෙවි කර තිබෙනවා.

ඇගේ පියා වන අබ්දුල් දැරිය මිලදී ගත් පුද්ගලයාගෙන් ඉල්ලා තිබෙන්නේ කිසි විටෙකත් ඇයට පහර නොදෙන ලෙසයි.

මෙම පුවත සී. එන්. එන්. රූපවාහිනිය විසින් වාර්තාකර ඇති අතර මහලූ පුද්ගලයා දැරිය රැගෙන යන අවස්ථාවේ ඇගේ පියා හඬා වැටෙන්නට වුණා.

ඇෆ්ගනිස්ථාන අර්බුදය නිසා එරට ආර්ථිකය බිඳ වැටී වැසියන් හිඟාකන තත්ත්වයට පත්ව ඇත.

මීට පෙර දස හැවිරිදි දැරියක් 70 හැවිරිදි පුද්ගලයෙකුට අලෙවි කළ පුවතක්ද වාර්තා වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: