hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:01



බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවත් පදනම් අංක 40 කින් සියයට 14.81 දක්වා අඩු වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව, වාණිජ බැංකුවල ‘සාමාන්‍ය බරිත ප්‍රධාන ණය දීමේ අනුපාතිකය'(AWPR) පසුගිය සතියේ සියයට 15.21ක් වූ අතර වසරකට පෙර එය සියයට 26.89ක් තරම් ඉහළ අගයක් වුණා.

මෙම වසර මුලදී මුදල් මණ්ඩලය විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඛණ්ඩව මාස දෙකක් තුළ අඩු කිරීමෙන් පසුව පොළී අනුපාත වල සැළකිව යුතු අඩුවීමක් සිදු වුණා.

විශේෂඥයන් පවසන පරිදි, පසුගිය මූල්‍ය සමාලෝචනයේදී මහ බැංකුව තවදුරටත් ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු නොකිරීමට තීරණය කළද, ඉදිරි මාස කිහිපය තුළ බැංකු පොළී අනුපාත තවදුරටත් පහළ යනු ඇති.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: