hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 12:01



චීන සයිනොපෙක් සමාගම මේ වනවිට රට පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් පනහක ව්‍යාපාර කටයුතු ආරම්භ කර තිබෙනවා.

එම සමාගම සමඟ ඇතිකරගෙන තිබෙන ගිවිසුමට අනුව මෙරට පුද්ගලික ව්‍යාපාරිකයන්ට අයත් ඉන්ධනහල් එකසිය පනහක ව්‍යාපාර කිරීමට වෙන්කර දී තිබෙනවා.

එම ඉන්ධනහල් එකසිය පනහෙන් දොළහක් තාමත් චීන සයිනොපෙක් සමඟ ගිවිසුම්ගතවී නැති අතර ඊට තාක්‍ෂණික හේතු කිහිපයක් බලපා ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය කියා සිටිනවා.

අනෙක් ඉන්ධනහල්වල ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීම් ද යම් යම් හේතු මත ප්‍රමාද වී ඇත.

කෙසේ වෙතත් එම සමාගමට අලුතින් තවත් ඉන්ධන හල් ආරම්භ කිරීමට ද හැකියාව පවතින බව ද එම සංගමය සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: