hit counter

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2023 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 1:07



නට්සි ජර්මනියේ වෆන් SS ඩිවිෂනයක සේවය කළ අයකු කැනේඩියානු සහ යුක්‍රේනියානු විරුවකු ලෙස හඳුන්වා දීමේ ආන්දෝලනාත්මක සිද්ධියෙන් අනතුරුව කැනඩාවේ කතානායක ඇන්තනි රෝටා ඉල්ලා අස්වුණා.

යරොස්ලාව් හුන්ක නම් 98 හැවිරිදි යුක්‍රේනියානු-කැනේඩියානුවා පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි එහි පැමිණි අවස්ථාවේ යි. හුන්ක පැමිණියේ කතානායකගේ ආරාධනයෙන් බව පසුව හෙළි වුණා.

ඔහු යුක්‍රේනියානු නිදහස වෙනුවෙන් එදා සටන් වැදුණ විරුවකු ලෙස රෝටා විසින් හඳුන්වා දෙනු ලැබුණා. නමුත් පසුව යුදෙව් සංවිධාන විසින් පෙන්වා දෙන ලද්දේ හුන්ක යනු 14 වන වෆන් SS ග්‍රෙනේඩියර් ඩිවිෂනයේ සාමාජිකයකු ව සිටි අයකු බවයි.

මෙම සිද්ධිය හේතුවෙන් සෙලෙන්ස්කිගේ සංචාරය කෙරෙහි වූ අවධානය මුළුමනින්ම හුන්ක වෙත සහ කතානායකවරයා වෙත යොමු වුණා. කතානායකවරයා සමාව ඉල්ලූ නමුත් ඔහුට ඉල්ලා අස්වන ලෙස බලපෑම් එල්ල වූ අතර සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස ද ඉල්ලීම් මතු වෙමින් තිබෙනවා.