2023 ඔක්තෝබර් 19, ප.ව. 10:42
ජර්මානු ආණ්ඩුව තම විශේෂ බලකා කණ්ඩායම් කිහිපයක් මධ්‍යධරණියෙහි සයිප්‍රස් දූපත වෙත යැවීමට කටයුතු කරන්නේ යයි එරට ටැබ්ලොයිඩ් පුවත්පතක් වන බිල්ඩ් විසින් වාර්තා කර තිබෙනවා.
මේ අතර එරට විශේෂ බලකා විධානය, නාවික විශේෂ බලකාය මෙන්ම ප්‍රාණ ඇපකරුවන් ගලවාගැනීම පිළිබඳ විශේෂ පුහුණුව ලද පොලිස් GSG 9 බලකාය ද වන බවයි වාර්තා වන්නේ.
ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 200 කට ආසන්න ප්‍රමාණයක් හමාස් සංවිධානය විසින් ඔක්තෝබර් 7 වනදා පැහැරගනු ලැබුණ අතර එම පිරිස මුදාගැනීම සඳහා මෙහෙයුම්වලට අවශ්‍ය නම් සහය දීම ද ජර්මන් විශේෂ බලකායන් හි අරමුණු අතර වේ යයි සැක කෙරෙනවා.
කෙසේ වෙතත් ඔවුන් කිනම් ආකාරයකින් ගාසා මෙහෙයුම්වලට සම්බන්ධ වේදැයි පැහැදිලි නැහැ.
2024 නොවැම්‍බර් 01, පෙ.ව. 12:24
2024 ඔක්තෝබර් 29, පෙ.ව. 11:43
2024 ඔක්තෝබර් 29, පෙ.ව. 11:15
2024 ඔක්තෝබර් 28, ප.ව. 12:00
2024 ඔක්තෝබර් 27, ප.ව. 11:59