hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 19, ප.ව. 10:42



ජර්මානු ආණ්ඩුව තම විශේෂ බලකා කණ්ඩායම් කිහිපයක් මධ්‍යධරණියෙහි සයිප්‍රස් දූපත වෙත යැවීමට කටයුතු කරන්නේ යයි එරට ටැබ්ලොයිඩ් පුවත්පතක් වන බිල්ඩ් විසින් වාර්තා කර තිබෙනවා.

මේ අතර එරට විශේෂ බලකා විධානය​, නාවික විශේෂ බලකාය මෙන්ම ප්‍රාණ ඇපකරුවන් ගලවාගැනීම පිළිබඳ විශේෂ පුහුණුව ලද පොලිස් GSG 9 බලකාය ද වන බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 200 කට ආසන්න ප්‍රමාණයක් හමාස් සංවිධානය විසින් ඔක්තෝබර් 7 වනදා පැහැරගනු ලැබුණ අතර එම පිරිස මුදාගැනීම සඳහා මෙහෙයුම්වලට අවශ්‍ය නම් සහය දීම ද ජර්මන් විශේෂ බලකායන් හි අරමුණු අතර වේ යයි සැක කෙරෙනවා.

කෙසේ වෙතත් ඔවුන් කිනම් ආකාරයකින් ගාසා මෙහෙයුම්වලට සම්බන්ධ වේදැයි පැහැදිලි නැහැ.