hit counter

2026 මැයි මස 01 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 24, පෙ.ව. 11:21



දකුණු පළාතට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ අධ්‍යාපන කලාප කිහිපයක වසා දැමුණු පාසල් අද (24) සිට සාමාන්‍ය පරිදි විවෘත කර තිබෙනවා.

පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා ප්‍රකාශ කළේ, ඒ අනුව දෙණියාය අධ්‍යාපන කලාපයේ වසා දැමුණු පාසල් 77ක් මෙන්ම මුලටියන, අකුරැස්ස අධ්‍යාපන කලාපයේ වසා දැමුණු පාසල්  අද සිට විවෘත කර ඇති බවයි.

පසුගියදා රාත්‍රියේ සිට ඇද හැලුණු වර්ෂාපතනය හේතුවෙන් ඊයේ දිනයේදීද මෙම කලාපවල පාසල් කිහිපයක් වසා දැමුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: