hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 24, ප.ව. 8:46



තමන් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යංශයේ සහ පොලිසියේ දත්ත ගබඩා වෙත ඇතුල්වීමට සමත් වූ බව ඇල්ජීරියානු ඇනොනිමස් කණ්ඩායම පවසා තිබෙනවා.

සිය ටෙලිග්‍රෑම් ගිණුම ඔස්සේ ප්‍රකාශයක් කළ මෙම කණ්ඩායම පවසන්නේ තමන් ගිගාබයිට් 10 ක පමණ දත්ත සොරාගැනීමට සමත් වූ බවයි.

මෙම දත්ත අතර හමුදා නිලධාරීන්ගේ තොරතුරු, හමුදා ශක්තීන් පිළිබඳ කරුණු සහ හමුදා සැලසුම් ද වන බවයි ඇනොනිමස් ඇල්ජීරියානු කණ්ඩායම පවසන්නේ.

තමන් පලස්තීනය වෙනුවෙන් පෙනී සිටින බව පවසන මෙම කණ්ඩායම​, පලස්තීනයට නිදහස් අලබාදිය යුතු යයි කියා සිටිනවා.

තවද​, ඊශ්‍රායලය ගාසා තීරයේ කාන්තාවන්ට සහ ළමුන්ට එල්ල කරන ප්‍රහාර නතර නොකළහොත් තමන් සොරාගත් දත්ත අනාවරණය කරන බව ද එම කණ්ඩායම පවසා සිටිනවා.