2023 ඔක්‍තෝබර් 24, ප.ව. 8:46
තමන් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යංශයේ සහ පොලිසියේ දත්ත ගබඩා වෙත ඇතුල්වීමට සමත් වූ බව ඇල්ජීරියානු ඇනොනිමස් කණ්ඩායම පවසා තිබෙනවා.
සිය ටෙලිග්‍රෑම් ගිණුම ඔස්සේ ප්‍රකාශයක් කළ මෙම කණ්ඩායම පවසන්නේ තමන් ගිගාබයිට් 10 ක පමණ දත්ත සොරාගැනීමට සමත් වූ බවයි.
මෙම දත්ත අතර හමුදා නිලධාරීන්ගේ තොරතුරු, හමුදා ශක්තීන් පිළිබඳ කරුණු සහ හමුදා සැලසුම් ද වන බවයි ඇනොනිමස් ඇල්ජීරියානු කණ්ඩායම පවසන්නේ.
තමන් පලස්තීනය වෙනුවෙන් පෙනී සිටින බව පවසන මෙම කණ්ඩායම, පලස්තීනයට නිදහස් අලබාදිය යුතු යයි කියා සිටිනවා.
තවද, ඊශ්‍රායලය ගාසා තීරයේ කාන්තාවන්ට සහ ළමුන්ට එල්ල කරන ප්‍රහාර නතර නොකළහොත් තමන් සොරාගත් දත්ත අනාවරණය කරන බව ද එම කණ්ඩායම පවසා සිටිනවා.
2024 දෙසැම්‍බර් 02, ප.ව. 1:38
2024 දෙසැම්‍බර් 01, පෙ.ව. 10:13
2024 නොවැම්බර් 29, ප.ව. 12:13
2024 නොවැම්බර් 29, පෙ.ව. 11:27
2024 නොවැම්බර් 27, ප.ව. 3:16