2023 නොවැම්‍බර් 16, ප.ව. 10:50
ගාසා නගරයේ බටහිර කොටසෙහි බලය තහවුරු කරගෙන අවසන් බව පවසන ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යොආව් ගලාන්ට් නගරය සඳහා සටනෙහි ඊළඟ අදියර ආරම්භ කළ බව සඳහන් කළා.
මේ අතර ඔහු පැවසූයේ අල්-ශිෆා රෝහලේදී ඔවුන් වැදගත් සොයාගැනීම් ගණනාවක් සිදුකළ බවයි. කෙසේ වෙතත් ඒ පිළිබඳ ඔහු වැඩිදුර අදහස් දැක්වූයේ නැහැ.
ඊශ්‍රායලය සඳහන් කර තිබුණේ ප්‍රාණ ඇපකරුවන් රඳවා තබාගැනීමට ද අල්-ශිෆා රෝහල කිසියම් අයුරකින් දායක කරගෙන ඇති බවයි.
එහිදී සොයාගත් පරිගණකයක ප්‍රාණඇපකරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ තිබූ බවට ඊශ්‍රායල යුධ හමුදාව පැවසූව ද පසුව ඔවුන් කියා සිටියේ එම ඡායාරූප සහ වීඩියෝ ඔක්තෝබර් 7 ට පෙර ගන්නා ලද ඒවා බවයි.
කෙසේ වෙතත් අල්-ශිෆා හි තිබී හමුවූ ආයුධ හේතුවෙන් එම ස්ථානය මිලිටරි කටයුතු සඳහා යොදාගෙන ඇති බව සනාථ වන්නේ යයි ද ඊශ්‍රායල හමුදා කියා සිටිනවා.
ගාසා තීරයේ බලය හමාස් සංවිධානයට අහිමි වන බවත් ඔවුන් ගේ කඳවුරු සිවිල් වැසියන් විසින් කොල්ලකනු ලබන බවත් යොආව් ගලාන්ට් මීට පෙර ප්‍රකාශ කර තිබුණා.
2024 දෙසැම්‍බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්‍බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්‍බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්‍බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්‍බර් 15, ප.ව. 6:16