hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 නොවැම්‍බර් 16, ප.ව. 10:50



ගාසා නගරයේ බටහිර කොටසෙහි බලය තහවුරු කරගෙන අවසන් බව පවසන ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යොආව් ගලාන්ට් නගරය සඳහා සටනෙහි ඊළඟ අදියර ආරම්භ කළ බව සඳහන් කළා.

මේ අතර ඔහු පැවසූයේ අල්-ශිෆා රෝහලේදී ඔවුන් වැදගත් සොයාගැනීම් ගණනාවක් සිදුකළ බවයි. කෙසේ වෙතත් ඒ පිළිබඳ ඔහු වැඩිදුර අදහස් දැක්වූයේ නැහැ.

ඊශ්‍රායලය සඳහන් කර තිබුණේ ප්‍රාණ ඇපකරුවන් රඳවා තබාගැනීමට ද අල්-ශිෆා රෝහල කිසියම් අයුරකින් දායක කරගෙන ඇති බවයි.

එහිදී සොයාගත් පරිගණකයක ප්‍රාණ​ඇපකරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ තිබූ බවට ඊශ්‍රායල යුධ හමුදාව පැවසූව ද පසුව ඔවුන් කියා සිටියේ එම ඡායාරූප සහ වීඩියෝ ඔක්තෝබර් 7 ට පෙර ගන්නා ලද ඒවා බවයි.

කෙසේ වෙතත් අල්-ශිෆා හි තිබී හමුවූ ආයුධ හේතුවෙන් එම ස්ථානය මිලිටරි කටයුතු සඳහා යොදාගෙන ඇති බව සනාථ වන්නේ යයි ද ඊශ්‍රායල හමුදා කියා සිටිනවා.

ගාසා තීරයේ බලය හමාස් සංවිධානයට අහිමි වන බවත් ඔවුන් ගේ කඳවුරු සිවිල් වැසියන් විසින් කොල්ලකනු ලබන බවත් යොආව් ගලාන්ට් මීට පෙර ප්‍රකාශ කර තිබුණා.