hit counter

2026 ජනවාරි මස 18 වන ඉරිදා

2023 නොවැම්‍බර් 26, පෙ.ව. 12:01



රජයේ සේවකයන් සඳහා රුපියල් 10,000ක ජීවන වියදම් දීමනාවක් ලබා දීමට යෝජනා කළ අතර එයින් 5,000ක් ලබන අප්‍රේල් මාසයේත් ඉතිරි මුදල ඔක්තෝබරයේත් ලබා දීමට මෙවර අයවැය කතාවේ දී යෝජනා කරනු ලැබුවා.

විශ්‍රාමිකයන් සඳහා වන රුපියල් 2,500ක් අප්‍රේල් මාසයේ සිට ලබාදීමට ද මෙවර අයවැය තුළින් යෝජනා කළා.

අදාළ රාජ්‍ය සේවක පඩි වැඩි වීමෙන් කොටසක් ලබන ජනවාරියේ සිටම ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රාජ්‍ය ආදායම් ඒකකයේ රැස්වීමේ දී අවධානය යොමුව ඇති අතර ජනවාරියේ සිට රුපියල් 5,000ක් ලබාදීමටත් අප්‍රේල් මාසයේ සිට රුපියල් 10,000ම ලබාදීමටත් ඇති හැකියාව සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී තිබෙනවා.

ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ 2023 අපේක්ෂිත මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සංඛා දත්ත අනුව මෙම තීරණයට එළැඹ ඇති බවයි වාර්තා වෙන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: