hit counter

2026 ජූනි මස 24 වන බදාදා

2023 නොවැම්‍බර් 27, පෙ.ව. 10:01



අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස 30 වැනිදා සහ දෙසැම්බර් මස 02 වැනිදා අතර කාලයේ දී නිකුත් කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා.

පසුගිය මැයි මස 29 වැනිදා සිට ජුනි මස 8 වැනිදා දක්වා පැවති මෙම විභාගයට පාසල් සහ පෞද්ගලික අයැදුම්කරුවෝ ලක්ෂ තුනක් පමණ පෙනී සිටියා.

දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් සඳහන් කළේ, පසුගිය උසස් පෙළ විභාගය පැවැත්වීම හා උත්තර පත්‍ර ඇගයීම් ප්‍රමාද වීම මෙම ප්‍රතිඵල නිකුත් කිරීමට ද බලපෑ බවයි.

උපයන විට අය කරන බද්දට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු උත්තර පත්‍ර ඇගයීම් වර්ජනය කර තිබිණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: