hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 25, පෙ.ව. 12:04



උත්සව සමයේ බීමතින් රිය පදවන සහ අධික වේගයෙන් මෝටර් රථ ධාවනය කරන රියැදුරන්ට තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවැසුවා.

බීමතින් රිය පදවන රියැදුරන් අත්අඩංගුවට ගැනීම සදහා පැය 24 ම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන මාර්ගවල මෙන්ම ප්‍රධාන අතුරු මාර්ගවලද පොලිසිය යොදවන බව තල්දූව මහතා පැවැසුවා.

වර්ෂය අවසන්වන කාලසීමාවේදී විශාල වශයෙන් රිය අනතුරු සිදුවන බවත් එම රිය අනතුරු හේතුවෙන් වාර්ෂිකව විශාල සංඛ්‍යාවක් මරණයට පත්වන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: