hit counter

2024 මැයි මස 17 වන සිකුරාදා

2024 ජනවාරි 21, පෙ.ව. 12:00



“රටක් ආදරය කරන චාමර අයියා වෙනුවෙන් කියමින් මුදල් එක්රැස් කරන වංචනිකයන්ට අසුවෙන්න එපා කියලා අයියගේ ආදරණීය රසික රසිකාවියන්ගෙන් ඉල්ලා සිටිනවා. අයියා වෙනුවෙන් සල්ලි එකතු කරන්න කිසිදු අවශ්‍යතාවක් නැහැ. අයියා වෙනුවෙන් වියදම් කරන්න අපට සල්ලි තියෙනවා” යැයි රෝගාතුර වී කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තවමත් ප්‍රතිකාර ලබන ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතාගේ බාල සොහොයුරු බුද්ධික වීරසිංහ මහතා පැවසුවා.

එසේම තම සොයුරු චාමර වීරසිංහ ගැන අසත්‍ය තොරතුරු සහිත වීඩියෝ අන්තර්ජාලය ඔස්සේ තවමත් සමහර පිරිස් මුදාහරින බවට දැන ගන්නට ලැබී ඇති බවත්, ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්, එවැනි අසත්‍ය වීඩියෝ දර්ශන දුටුවහොත් තම 0774 – 812245 ජංගම දුරකථන අංකයට දැනුම් දෙන ලෙසත් රසික රසිකාවියන්ගෙන් ඉල්ලා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: