2024 ජනවාරි 24, පෙ.ව. 7:49
මෙම වසර තුළදී ත්‍රී රෝද රථ රැකියාවේ නිරත රියැදුරන් සඳහා අමතර ජීවනෝපායක් හඳුන්වා දීමට රජය විසින් රුපියල් මිලියන පහක මුදලක් වෙන්කර ඇති බව වාර්තා වනවා.
මේ අනුව, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, ත්‍රීරෝද රථ රැකියාවේ නියුතුව සිටින පන්සිය හැටකට ආසන්න පිරිසක් සඳහා මේ හරහා ප්‍රතිලාභ හිමිවන බවත්, මෙහි පළමු අදියර යටතේ නියමු ව්‍යාපාතියක් ලෙස හම්බන්තොට ඉලක්ක කරගනිමින් ත්‍රී රෝද රථ රියදුරන් හැත්තෑ දෙනෙකු තෝරාගැනීමට නියමිතව තිබෙන බවයි.
එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ, මෙමඟින් පුහුණු වැඩසටහන් පවත්වා රියදුරන්ගේ නිපුණතාවය වැඩිදියුණු කර අමතර ජීවනෝපාය හඳුන්වාදීමට කටයුතු යොදා ඇති අතර ජල නල නඩත්තුව,විදුලි කාර්මික,වඩු කර්මාන්තය,කොණ්ඩා කැපීම සහ ගොඩනැගිලි පින්තාරුකරණය යන තෝරාගත් කර්මාන්ත ක්ෂේත්‍රයන් පිළිබඳ ත්‍රීරෝද රථ රියැදුරන් හට වෘත්තීමය පුහුණුවක් ලබාදී ඒ තුළින් අමතර ජීවනෝපායක් සිදුකිරීමට අවශ්‍ය උපකරණ සැපයීම මේ හරහා සිදුවන බවයි.
මෙම වැඩසටහන පිළිබඳ එම වෘත්තියේ නිරත පිරිසට සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩසටහනක් පසුගියදා මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී පැවැත් වූ බවයි වාර්තා වන්නේ.
2026 ජනවාරි 19, පෙ.ව. 11:51
2026 ජනවාරි 19, පෙ.ව. 10:31
2026 ජනවාරි 19, පෙ.ව. 8:56
2026 ජනවාරි 19, පෙ.ව. 8:39
2026 ජනවාරි 19, පෙ.ව. 8:36
19-01-26
19-01-26
19-01-26
19-01-26
19-01-26
19-01-26
18-01-26
18-01-26
18-01-26
18-01-26
18-01-26
18-01-26
17-01-26
17-01-26
16-01-26
16-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26