hit counter

2025 ජනවාරි මස 15 වන බදාදා

2024 මාර්තු 04, පෙ.ව. 12:15



දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (04) දිනයේ දී අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වයඹ, බස්නාහිර සහ දකුණු, සබරගමුව පළාත්වල සහ අනුරාධපුර සහ මන්නාරම යන දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මෙහිදී ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බවද ජනතාවට දන්වා තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: