2024 මැයි 09, පෙ.ව. 12:02
 
            
නව ග්‍රාම නිලධාරීන් ලෙස බඳවාගත් 2100කට පත්වීම් ලිපි ප්‍රදානය ඊයේ (08) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවතියා.
විභාග දෙපාර්තමේන්තුව විසින් 2023 වසරේ දෙසැම්බර් මස 02 වැනිදා පවත්වන ලද ග්‍රාම නිලධාරී විභාගයේ ප්‍රතිඵල අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වැඩිම ලකුණු ලබා ගත් අයැදුම්කරුවන් අතරින් 2100 දෙනකු වෙනුවෙන් මෙසේ ග්‍රාම නිලධාරී පත්වීම් ප‍්‍රදානය සිදු කෙරිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංකේතාත්මකව පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට එක් වුණා.
අඩු ආදායම් ලාභී ජනතාව නගා සිටුවීමට රජය ආරම්භ කර ඇති අස්වැසුම, උරුමය ඇතුළු වැඩසටහන් පිළිබඳ මෙහිදී නව ග්‍රාම නිලධාරීන් දැනුවත් කළ ජනාධිපතිවරයා මෙම සියලු වැඩසටහන්වල අරමුණ ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීම බවත්, තම ප්‍රදේශයේ ආර්ථිකය දියුණු කිරීම වෙනුවෙන් එම වැඩසටහන් සමඟ සක්‍රීයව එක්වන ලෙසත් ඉල්ලා සිටියා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ මෙවැන්නක්.
“අද ග්‍රාම නිලධාරීවරුන් ලෙස පත්වීම් ලබන ඔබ සියලු දෙනාට මම සුඛ පතනවා. අද සිට ඔබ රාජ්‍ය සේවයේ සාර්ථක කොටස්කරුවන් බවට පත් වෙනවා. අප උත්සාහ කරන්නේ මේ රටේ සියලු ජනතාවගේ ජීවිත ගොඩනැංවීමටයි. එහි විශාල වගකීමක් රටේ මුලික පරිපාලන අංශය වන ග්‍රාම නිලධාරි කොට්ඨාසය ලෙස ඔබට පැවරෙනවා.
කඩා වැටීමට ලක් වූ මෙරට ආර්ථිකය අද සීග්‍රයෙන් දියුණු කිරීමේ වැඩපිළිවෙළ අප ක්‍රියාත්මක කර තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අප මේ වන විට ගිවිසුමකට එළැඹ තිබෙන අතර තවත් කොන්දේසි ගණනාවක් ක්‍රියාත්මක කිරීමට තිබෙනවා. වත්මන් සංවර්ධන වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙන්නේ ගම කේන්ද්‍ර කර ගනිමිනුයි.
පසුගිය 2022, 2023 වසරේ යල කන්නයේ සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට අපට හැකි වුණා.
ඒ වගේම 2023 වසරේ මහ කන්නයේදී නැවත සාර්ථක අස්වැන්නක් ලැබුණා. මෙම දායකත්වය නිසා අද අපට ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට හැකියාව ලැබී තිබෙනවා.
මේ සමඟ අද ග්‍රාම නිලධාරි සේවයට 2100ක් බදවා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට අපට අවස්ථාව ලැබුණා. පරිපාලන කටයුතු පමණක් නොවෙයි ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමේ වැඩපිළිවෙළේ වගකීමත් ඔබට පැවරෙනවා.”
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25