hit counter

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2024 මැයි 13, ප.ව. 10:39



ඊශ්‍රායලය විසින් රෆා වෙත එල්ල කරනු ලබන ප්‍රහාරයකින් හමාස් සංවිධානය විනාශ වීම වෙනුවට ගාසා තීරයේ අරාජික තත්ත්වයක් ඇතිකිරීමට ඉඩ තිබෙන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඊශ්‍රායල උපක්‍රම මගින් හමාස් සංවිධානය විනාශ කිරීමට අපොහොසත්ව ඇති බවයි. ඒ වෙනුවට ගාසා තීරයේ කල් පවතින කැරැල්ලක් පැවතීමට කරුණු සකස් වී ඇතැයි ද ඔහු පවසනවා. එහෙයින් ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත් වියයුතු බව බ්ලින්කන් කියා සිටිනවා.

ඊශ්‍රායල ක්‍රියාකලාපය නිසා සන්නද්ධ හමාස් සාමාජිකයන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි වනු ඇතැයි ද අනාගතයේදී ගාසා හි අරාජික තත්ත්වයක් නිර්මාණය වී එතැනට හමාස් සංවිධානයක ආපසු පැමිණීමට ඉඩ ඇතැයි ද බ්ලින්කන් අනතුරු අඟවා සිටිනවා.

ඇමරිකානු මාධ්‍ය ආයතනයන් දෙකක් සමග කළ සාකච්ඡාවලදී ඔහු මේ අදහස් පළ කර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: