hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2024 මැයි 17, පෙ.ව. 12:05



අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර යෝජිත විවාදය ජනතාවට නැරඹීම සඳහා එදින රජයේ නිවාඩු දිනයක් කරනා ලෙස තමා ජනාධිපති වරයාගෙන් ඉල්ලිම් කර ඇති බවයි.

නමුත් ඔහු පෙන්වා දෙන්නේ විවාදය පැවැත්වීමට දෙදෙනාම බියක් දක්වන බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, අභියෝග බාර නොගන්නා නායකයින් රට ගොඩනගන්නේ කෙසේද යන වග ජනතාවට ප්‍රශ්නයක් වී ඇති බවයි.

එමෙන්ම අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, සජිත් අනුර දෙපාර්ශවයම මෙය සිදු කළ නොහැකි විවාදයක් බව හොඳින් දන්නා බවත්, විවාදය පැවැත්වුවහොත් එක් අයෙක් ගැඹුරු සිංහලත් අනෙකා ගැඹුරු ඉංග්‍රීසිත් කතා කරමින් එකිනෙකාට නොතේරෙන ආකාරයේ විවාධයක් ජනතාවට නැරඹීමට සිදුවන බවත්ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: