2024 මැයි 27, පෙ.ව. 10:13
නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකිය.
ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (27) නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව අද බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
එමෙන්ම, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකිය.
තව ද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින්විට හමන පැ.කි.මී. 50ක 60ක පමණ තද සුළං ඇතිවිය හැකිය.
කෙසේ වෙතත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30-40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.
2025 ජනවාරි 03, පෙ.ව. 12:18
2025 ජනවාරි 03, පෙ.ව. 12:13
2025 ජනවාරි 03, පෙ.ව. 12:10
2025 ජනවාරි 03, පෙ.ව. 12:09
2025 ජනවාරි 03, පෙ.ව. 12:07
03-01-25
03-01-25
02-01-25
02-01-25
02-01-25
02-01-25
01-01-25
01-01-25
01-01-25
01-01-25
31-12-24
31-12-24
30-12-24
30-12-24
30-12-24
30-12-24
29-12-24
29-12-24
28-12-24
28-12-24
27-12-24
27-12-24
27-12-24
27-12-24