hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 31, ප.ව. 9:54


ඉන්ධන මිල වෙනස් වෙයි

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන වර්ග තුනක පමණක් මිල ගණන් අඩුකිරීමට සිපෙට්කෝ ආයතනය තීරණය කර තිබෙනවා.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 355ක් වනවා.

සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 16කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 317ක් වනවා.

භූමිතෙල් මිල රුපියල් 13කින් පහළ දමා තිබෙනවා. එහි නව මිල වන්නේ රුපියල් 202ක්;

ඔක්ටේන් 95 පෙට්‍රල් මිල සහ ලංකා සුපර් ඩීසල් මිල නොවෙනස්ව පවතිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: