hit counter

2024 සැප්‍තැම්‍බර් මස 28 වන සෙනසුරාදා

2024 ජූනි 25, පෙ.ව. 12:00



අද (25) දිනයේ ප්‍රදේශ රැසක මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකියි.

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ අනුව සබරගමුව පළාතේත්,  මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල එලෙස තරමක තද වැසි ඇතිවිය හැකියි.

තවද, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්  මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති වන බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

මේ අතර, අද (24) දිනයේ ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ පුත්තලම හරහා හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60ක් 65ක් දක්වා වැඩි විය.

එම මුහුදු ප්‍රදේශ විටින්විට ඉතා රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කල්පිටියේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0–2.5) ක් පමණ වැඩි විය හැකි බව ද දැනුම්දෙනු ලැබුවා.

කෙසේ වෙතත්, මේ පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියා.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: