2024 ජූලි 17, පෙ.ව. 9:14
අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයට කඩාවැදී ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර, ගායන ශිල්පිනි කේ. සුජීවා ඇතුළු සිව්දෙනකුට බරපතළ තුවාල සිදු කළ ඝාතකයන් දෙදෙනා රටින් පලා යන්නට ඇති බවට විමර්ශන කණ්ඩායම් සැක පළ කරන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මොවුන් දකුණු මුහුදු තීරය ඔස්සේ ට්‍රෝලර් යාත්‍රාවකින් රටින් පලා යන්නට ඇති බවට ඔවුන් සැක පළ කරන අතර පරීක්‍ෂාවට ලක්කළ ද ඔවුන් පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට හැකිවී නොමැත.
මෙම ප්‍රහාරය එල්ල කළ වෙඩික්කරුවන් දෙදෙනා ආරක්‍ෂක අංශයට සම්බන්ධ වී සිටි පුද්ගලයන් බවට සැකකරන බවද සඳහන්.
ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් කණ්ඩායම් 10කට ආසන්න පිරිසක් විමර්ශන පවත්වනු ලබනවා.
ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ අයුරින් සහාය වූ පුද්ගලයන් 07දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇත.
කෙසේ වෙතත් මෙතෙක් මෙම ප්‍රහාරයේ වෙඩික්කරුවන් දෙදෙනා හෝ එය සැලසුම් කළ පුද්ගලයන් කිසිවකුත් මේවනතුරු අත්අඩංගුවට ගෙන නැහැ.
2026 ජනවාරි 30, පෙ.ව. 11:37
2026 ජනවාරි 30, පෙ.ව. 12:38
2026 ජනවාරි 30, පෙ.ව. 12:30
2026 ජනවාරි 30, පෙ.ව. 12:28
2026 ජනවාරි 30, පෙ.ව. 12:19
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26