2024 ජූලි 22, පෙ.ව. 8:27
අතුරුගිරියේදී වෙඩි වැදී රෝහල්ගත කළ ටැටූ ආයතනයේ හිමිකරුගේ බිරිඳ තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර ඇගේ තත්ත්වය මේ වන විට යහපත් මට්ටමක පවතින බවටයි වාර්තා වන්නේ.
එමෙන්ම පසුගිය දා වාර්තා වුණේ, ඇගේ සුවදුක් විමසා බැලීමට කිසිදු හෝ ඥාතියෙක් නොපැමිණෙන බවයි.එම නිසාම ඇයට ප්‍රතිකාර කිරීමේදී දැඩි දුෂ්කරතා රාශියකට මුහුණ දීමට සිදුව ඇති බවටද වාර්තා පල වුණා.
පසුගියදා අතුරුගිරිය ප්‍රදේශයේ දී ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේදී සිදුකළ වෙඩි තැබීමෙන් ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා (ක්ලබ් වසන්ත) ඇතුළු තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
එම අවස්ථාවට සහභාගී වූ ගායන ශිල්පිනි ශිල්පිණි කේ. සුජීවා සහ අදාළ ටැටූ ආයතනයේ හිමිකරුගේ බිරිඳ තුවාල ලබා මේ වනවිටත් රෝහල්ගත්ව පසුවනවා. අදාළ ඝාතනය සම්බන්ධයෙන් ටැටූ ආයතනයේ හිමිකරු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව පසුවනවා.
මේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් 21 හැවිරිදි තරුණියක් ද අද අත්අඩංගුවට ගැනුණා. ඇය අද කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී පැය 48ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය කළ ඉල්ලීමට අධිකරණය 21 හැවිරිදි ඇය මිරිස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, මෙම වෙඩි තැබීම සඳහා ඇය ආධාර අනුබල දී බව මේ වනවිට හදුනාගෙන තිබෙනවා.
2026 ජනවාරි 02, ප.ව. 8:44
2026 ජනවාරි 02, පෙ.ව. 10:44
2026 ජනවාරි 02, පෙ.ව. 12:36
2026 ජනවාරි 02, පෙ.ව. 12:33
2026 ජනවාරි 02, පෙ.ව. 12:28
02-01-26
02-01-26
02-01-26
02-01-26
02-01-26
02-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25