2024 ජූලි 25, පෙ.ව. 7:16
 
            
පසුගිය මැයි සහ ජුනි මාසවල ජල ගැලීම්, ගංවතුර, නායයෑම් හා මාර්ග අවහිරතා හේතුකොට ගෙන සේවයට නොපැමිණි රාජ්‍ය සේවකයින් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට, පුත්තලම, කුරුණෑගල, පොළොන්නරුව, කෑගල්ල හා රත්නපුර යන දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරීන් සඳහා මෙම විශේෂ නිවාඩුව ලබා දීමට නියමිතය.
එම දිස්ත්‍රික්කවල ජල ගැලීම්, ගංවතුර, නායයෑම් හා මාර්ග අවහිරතා හේතුවෙන් සිය පදිංචි ස්ථානයේ සිට සේවා ස්ථානය වෙත පොදු ප්‍රවාහන සේවා ඇණහිටීම නිසා සේවයට වාර්තා කිරීමට නොහැකි වු නිලධාරීන්ට සහ අදාළ ව්‍යවසනයන්ගෙන් විපතට පත්වීම හේතුවෙන් හෝ අවතැන් වීම හේතුවෙන් සේවයට වාර්තා කිරීමට නොහැකි වු නිලධාරීන්ට මෙම විශේෂ නිවාඩුව හිමිවනු ඇත.
ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා විසින් නිකුත් කර තිබෙනවා.
මේ අතර රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයින් සඳහා ලබන සැප්තැම්බර් මාසයේ සිට රුපියල් 3,000ක දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.
අදාළ යෝජනාවට ඊයේ (24) දිනයේ රැස්වු කැබිනටි මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව විශ්‍රාමික රාජ්‍ය සේවකයින් සඳහා පවතින වැටුප් විශමතාව විසඳන තෙක් මෙම දීමනාව ලබාදීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළා.
 
                                                        2025 ඔක්තෝබර් 31, ප.ව. 1:44
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 11:08
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:07
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25