2024 ජූලි 25, පෙ.ව. 10:27
 
            
රියදුරු බලපත්‍ර සඳහා අසාදු ලකුණු ලබා දීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට ටෙන්ඩර් නිකුත් කර මුලික ඇගයීම් කටයුතු පවත්වාගෙන යමින් තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ද මහතා ප්‍රකාශ කරයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉදිරි වැඩපිළිවෙළ සහ වර්තමාන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
ලොව අනිකුත් රටවල අනුගමනය කරන ක්‍රමවේදයකට අනුව අසාදු ලකුණු ලබා දීමේ ක්‍රමවේදය මඟින් රථ වාහන අනතුරු අවම කර ගැනීමත්, මහාමාර්ගය තුළ රියදුරන්ගේ විනයක් ඇති කිරීම බලාපොරොත්තු වෙන බවත්, මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ සියලු කාර්යයන් මේ වන විට අවසන් කර තිබෙන බවත් හෙතෙම පැවසුවා.
මාර්ග රිය අනතුරු සැළකිල්ලට ගැනීමේ දී 75% කට වැඩි ප්‍රමාණයක් රියදුරන්ගේ සහ පදිකයින්ගේ තිබෙන නොසැලකිලිමත්කම හේතුවෙන් බව අවධාරණය කළ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා ඉදිරි මාස තුන ඇතුළත අසාදු ලකුණු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද අවධාරණය කළා.
මෙමඟින් මහාමාර්ගයේ සිදු වන වරදකට අදාළව පොලිස් නිලධාරීන් විසින් දඩ පත්‍රිකාවක් නිකුත් වන සෑම පුද්ගලයෙකුටම එම වරදට අදාළව වරදේ ස්වභාවය අනුව රියදුරු බලපත්‍රයට අසාදු ලකුණු එකතු කිරීම සිදු වෙනවා.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 8:32
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 4:00
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 1:44
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 11:08
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25