hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2024 අගෝස්‍තු 04, පෙ.ව. 12:04



පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරින් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී සිදු කරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව පැමිණිලි ලබා ගැනීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සදහා මෙම පියවර ගෙන ඇති බවත් 0767914696 දුරකතන අංකයට හෝ 0112505566 ෆැක්ස් අංකයට මේ පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවද එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා සදහන් කරයි.

රට තුළ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා පොලිස් නිලධාරින් ඇතුළු රාජ්‍ය නිලධාරින් සදහා මාර්ගෝපදේශ මාලාව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මේ වනවිට නිකුත් කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: