2024 අගෝස්‍තු 13, පෙ.ව. 12:04
 
            
පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ලෙස ඉදිරිපත් කොට සම්මත වූ විශ්‍රාමිකයින් සඳහා පසුගිය අප්‍රේල් මාසයේ සිට ගෙවන රු.2500 දීමනාවට අමතරව වැටුප් විෂමතා සකස් කරනතෙක් ගෙවීමට නියමිත රුපියල් 3000ක අන්තර්කාලීන දීමනාව ඔක්තොම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ් අනුව සැප්තැම්බර් මාසයේ ලැබිය යුතු රුපියල් 3000 ක හිඟ මුදලද සමඟ ඔක්තොම්බර් මාසයේදී විශ්‍රාම වැටුපට රුපියල් 6000 ක් හිමිවන බවයි.
ඉන් පසුව නොවැම්බර් මාසයේ සිට මෙතෙක් ලැබුණු රු.2500 දීමනාවට අමතරව මෙම අළුතින් ලබාදෙන රුපියල් 3000 ක අන්තර්කාලීන දීමනාව විශ්‍රාමිකයින්ට ගෙවීමට කටයුතු කරන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියා.
අමාත්‍යවරයා සඳහන් කළේ මෙම රුපියල් 3000 ක අමතර දීමනාව ගෙවීම සඳහා මුදල් අමාත්‍යාංශයද පූර්ණ ලිඛිත අනුමැතිය ලබාදී තිබුණත්, මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති බැවින් සැප්තැම්බර් මාසයේදී එය ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව විරෝධතාවය ප්‍රකාශ කර ඇති බවයි.
එම නිසා ඔක්තොම්බර් මාසයේදී ඔවුන්ට හිමිවන රුපියල් 3000 ක අන්තර්කාලීන දීමනාව සහ සැප්තැම්බර් මාසයේදී ලැබිය යුතු රුපියල් 3000 හිඟ දීමනාව සමඟ රුපියල් 6000 ක් විශ්‍රාමිකයින්ට ඔක්තොම්බර් මස විශ්‍රාම වැටුප සමග අනිවාර්යයෙන්ම ලබාගත හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
 
                                                        2025 ඔක්තෝබර් 31, ප.ව. 4:00
 
                                                        2025 ඔක්තෝබර් 31, ප.ව. 1:44
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 11:08
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:10
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25