2024 අගෝස්‍තු 31, පෙ.ව. 12:05
ඡන්ද පොරොන්දු මගින් වර්තමාන ගුරුවරුන් රැවටිය නොහැකි බවත් ප්‍රායෝගික ව ක්‍රියාවට නැංවිය හැකි ක්‍රමවේදයක් අනුව සමස්ත රාජ්‍ය සේවයේ ම වැටුප් විෂමතා ඉවත් කර වැටුප් ඉහළ නංවන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ඒ අනුව 2025 ජනවාරි සිට රාජ්‍ය සේවකයකුගේ අවම වැටුප රු. 55,000/-ක් දක්වා ඉහළ නංවන බව අමාත්‍යවරයා සඳහන් කළා.
අමාත්‍යවරයා කියා සිටියේ රජය සකස් කර ඇති අය-වැය සැලසුම් අනුව අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමේ ක්‍රමවේද හරහා මෙම වැටුප් වැඩිවීම ක්‍රියාවට නැංවන බවයි.
ඒ අනුව මෙම වැටුප් වැඩි වීමේදී ගුරුවරුන්ගේ වැටුප් ඉතා ඉහළ අගයකින් වැඩි වන බව අමාත්‍යවරයා පැවසීය.
එසේ ම මෙම වැටුප් වැඩිවීම සිදු කරන බව රජය පවසන්නේ සහේතුකව බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියා.
රජය විසින් බංකොලොත්භාවයේ සිට වසර දෙකක් පමණ ක්‍රමානුකූල ව ගොඩනගාගෙන පැමිණෙන රටේ ආර්ථිකය ඉදිරියටත් වර්ධනය කිරීමේ හැකියාව හා පඩි වැඩි කිරීමේ සැබෑ හැකියාව වත්මන් රජය සතු ව පවතින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරටත් කියා සිටියා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය දැනුම්වත් කිරීමේ වැඩසටහනකට සහභාගි වෙමින්.
2024 දෙසැම්‍බර් 21, ප.ව. 3:42
2024 දෙසැම්‍බර් 21, ප.ව. 2:05
2024 දෙසැම්‍බර් 21, ප.ව. 1:41
2024 දෙසැම්‍බර් 21, පෙ.ව. 12:13
2024 දෙසැම්‍බර් 21, පෙ.ව. 12:10
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
20-12-24
20-12-24
20-12-24
20-12-24
20-12-24
20-12-24