2024 සැප්තැම්බර් 03, පෙ.ව. 10:46
මහනුවර ආගමන විගමන කාර්යාලයෙන් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා රුපියල් 35.000 කට අධික මුදලක් තැරැව්කරුවන් හට ලබාදීමට සිදුව ඇති බව එහි සේවය ලබා ගැනීම සඳහා පැමිණෙන බහුතර ජනතාව චෝදනා කරනවා.
මෙම කාර්යාලයෙන් දිනකට විදේශ ගමන් බලපත්‍ර 25 ක් පමණක් නිකුත් කෙරෙන අතර එහෙත් දිනපතා 500 ක් පමණ ජනතාව විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා එම කාර්යාලය වෙත විවිධ පළාත්වලින් පැමිණෙයි.
දෛනිකව එසේ පැමිණෙන ජනතාව කාර්යය ඉටුකර ගැනීමට නොහැකිව දින කීපයක් අව්වෙන් වැස්සෙන් පීඩා විඳිමින් නිදි වර්ජිතව එම ස්ථානයේ රස්තියාදුව දැඩි අපහසුතාවයට පත්ව තැරැව්කාර මාපියාවේ ගොදුරක් බවට පත්වීම සාමාන්‍ය කරුණක් බවට පත්ව තිබෙනවා.
මෙම ජනතාව සඳහන් කරන්නේ මහනුවර ආගමන විගමන කාර්යාලය අසල ගැවසෙන තැරැව්කරුවන් විශාල පිරිසක් විදේශ ගමන් බලපත්‍රය ලබාදීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් 30.000 ක මුදලක් අය කරන බවයි.
රුපියල් 30.000 ලබා දෙන පුද්ගලයන් පමණක් ජනතාවගේ විරෝධය නොතකා බලහත්කාරයෙන් පෝලිමේ මුලට දමා ඔවුනට බලපත්‍රය ලබා ගැනීමට කාර්යාලය තුළට යෑමට සහයෝගය ලබා දී කටයුතු කරන බවත් මීට එරෙහි වන ජනතාවට තර්ජනය කරන බවත් මෙම ඇතැම් තැරැව්කරුවන් කාර්යාලයේ ආරක්ෂක නිලධාරීන් හා වෙනත් නිලධාරීන් සමග සමීප ඇසුරක් පවත්වන බවත් ජනතාව පවසනවා.
ඇතැම් තැරැව්කරුවන් කිසිදු අපහසුතාවයකින් තොරව පෝලිමේ නොසිට කාර්යාලය තුළට යන බවත් ඔවුහු සඳහන් කළා.
මෙහිදී තවදුරටත් අදහස් පළ කළ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණ ජනතාව කියා සිටියේ තමන් දින 05 , 06 ක් මෙම පෝලිමේ සිටියද විදේශ ගමන් පත්‍රය ලබා ගැනීමට මේ දක්වා නොහැකි වූ බවය.
මේ දින හය හත පෝලිමේ සිටියදී කෑම බීම පිටින් ලබා ගැනීමට විශාල මුදලක් වැය වන අතර වැසිකිලි යාමට සහ ඇඳුම් මාරු කර ගැනීම සඳහා රුපියල් 500 ක් ගෙවා ඒ අසල ඇති ආයතනයකට යන බවද මේ හේතුවෙන් කාන්තාවන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවද ඔවුහු පැවසූවා.
මෙම තැරැව්කරුවන් පෝලිමේ සිටින අය වෙත හිඳගැනීමට දිවා රාත්‍රි පුටු සපයා ඒ සඳහා දිනකට රුපියල් දහසේ සිට විවිධ ගණන් අය කරන බවද පෝලිමේ සිටගෙන සිටීම සඳහා හෝ පෝලිමේ ඉදිරියට රැගෙන විත් දැමීම සඳහා රුපියල් 50000 ක් අය කරන බවද සඳහන් කළ ජනතාව පවසා සිටින්නේ මේ හේතුවෙන් මෙම ස්ථානයේ නිතරම ගැටුම්කාරී තත්ත්වයන් නිර්මාණය වන බවයි.
ඇතැම් විට පොලිස් නිලධාරීන් පැමිණ මෙම තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා කටයුතු කළද පොලිස් නිලධාරින් එම ස්ථානයෙන් පිටව ගිය සැණින් නැවතත් තැරැව්කරුවන් 10-20 ක් පමණ තම රාජකාරී අරඹන බවද පීඩාවට පත් ජනතාව පවසති. කාර්යාලය අසල ප්‍රදේශවාසීහු හා ව්‍යාපාරිකයෝ පවසන්නේ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණෙන ජනතාව රාත්‍රී කාලයට ආශ්රිත ප්‍රදේශයේ ඔවුනගේ සනීපාරක්ෂක ශාරීරික අවශ්‍යතා සිදුකර ගන්නා බැවින් දැඩි දුර්ගන්ධයක් පවතින බවය.
ඊට අමතරව එම ස්ථානයේ සිට ආහාර ලබාගන්නා ජනතාව අමතර ආහාර පොලිතින් වැනි දෑ හා ප්ලාස්ටික් බෝතල් වැනි දේ ප්‍රදේශයේ බැහැර කිරීමෙන් විශාල පරිසර හානියක්ද සිදුව ඇති බව ඔව්හු පෙන්වා දෙනවා.
අපහසුතාවයට ලක්ව ඇති ජනතාව සඳහන් කරන්නේ මෙම ස්ථානයට ස්ථිර පොලිස් ආරක්ෂාවක් යොදා මුලින් පැමිණෙන අයවලුන් හට පමණක් විධිමත් ටෝකන් පත්‍රයක් ලබාදීමෙන් තැරැව්කරුවන්ගේ මාපියා ගැටලුව යම් ප්‍රමාණයකට හෝ විසඳා ගත හැකි බවත් දිනකට අවම වශයෙන් ගුවන් ගමන් බලපත්‍ර 50 ක් හෝ නිකුත් කළ යුතු බවත්ය.
2024 දෙසැම්බර් 30, ප.ව. 3:24
2024 දෙසැම්බර් 30, ප.ව. 12:55
2024 දෙසැම්බර් 30, ප.ව. 12:26
2024 දෙසැම්බර් 30, පෙ.ව. 10:21
2024 දෙසැම්බර් 30, පෙ.ව. 10:15
30-12-24
30-12-24
30-12-24
30-12-24
30-12-24
30-12-24
30-12-24
30-12-24
30-12-24
30-12-24
29-12-24
29-12-24
29-12-24
29-12-24
29-12-24
29-12-24
28-12-24
28-12-24
28-12-24
28-12-24
28-12-24
28-12-24
27-12-24
27-12-24