hit counter

2026 ජූනි මස 30 වන අඟහරුවාදා

2024 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 12:04



අදට යෙදී තිබෙන සිරකරු දිනය හේතුවෙන් බන්ධනාගාරගත රැඳවියන් හට අමුත්තන් බැලීම සඳහා අද දින විශේෂ විවෘත අවස්ථාවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සලසා දී තිබෙනවා.

ඒ අනුව අද දිනය තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය, එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවස්ථාව ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් බැලීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාර ආයතනයන් තුළ සිදු කරනු ලබන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: