hit counter

2026 ඔක්‍තෝබර් මස 28 වන බදාදා

2024 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 12:04



අනුරාධපුර දිස්ත්‍රික්කයේ ළමා අපචාර උත්සන්න වීම පිළිබඳ ළමා ආරක්ෂක අධිකාරිය කණස්සල්ල පළ කරයි.

අනුරාධපුර දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරී මහේන්ද්‍ර දසනායක පැවසුවේ, පසුගිය මාස 6 තුළ ළමා අපචාර පිළිබඳ පැමිණිලි 491ක් ලැබී ඇති අතර වාර්තා නොවූ සිදුවීම් තවත් තිබිය හැකි බවයි.

ළමා උපකාරක සේවය වන 1929 වෙත සෘජු පැමිණිලි 202ක් ලැබී ඇති බවත් ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරීන්ට පැමිණිලි 289ක් ලැබී ඇති බවත් ළමා අපයෝජන සිද්ධීන් පිළිබඳ සදාචාරාත්මක වාර්තාකරණය පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු පැවසුවේය.

“පරිවාස දෙපාර්තමේන්තුවේ ළමාරක්‍ෂක නිලධාරීන්ට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 464ක්. ළමා අපචාර සම්බන්ධයෙන් පොලිසිය, නීති ආධාර කොමිෂන් සභාව සහ රෝහල් බලධාරීන්ට ද පැමිණිලි ලැබී තිබේ. පාසල් නොගිය දරුවන්, ලිංගික හිංසනයන් සහ දරුවන් නොසළකා හැරීම හෝ හැරයෑම ආදිය සම්බන්ධයෙන් එම පැමිණිලි ලැබී තිබෙනවා. වැරදිකරුවන් නීතියේ රැහැනට හසුකරගෙන තිබෙනවා” යැයි ළමා ආරක්ෂක නිලධාරියා වැඩිදුරටත් පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: