hit counter

2025 ජූලි මස 01 වන අඟහරුවාදා

2024 සැප්‍තැම්‍බර් 17, ප.ව. 5:06



පසුගියදා පැවති 2024 ශිෂ්‍යත්ව විභාගයේදී මතභේදයට තුඩු දුන් පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව ඉවත් කිරීමට විභාග කොමසාරිස්වරයා තීරණය කර ඇත.

ශිෂ්‍යත්ව විභාගයේ පළමු පත්‍රයේ අදාළ ප්‍රශ්න තුනට සමාන ප්‍රශ්න තුනක් ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් හරහා අලව්ව ප්‍රදේශයේ ගුරුවරයෙකු විසින් සමාජ මාධ්‍යයට එක්කර ඇති බවට ලද තොරතුරු මත විමර්ශනයක් සිදුකළ බව විභාග කොමසාරිස්වරයා සදහන් කරයි.

ඒ අනුව හෙට (18) දිනයේදී විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් අදාළ ප්‍රදේශයට ගොස් මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට නියමිත බවත් එව වාර්තාවෙන් අනතුරුව අවසන් තීරණයක් ගන්නා බවද විභාග කොමසාරිස්වරයා සදහන් කරයි.

අද දිනයේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය සකස් කළ කමිටුව කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර එහිදී අදාළ ප්‍රශ්න තුන ඉවත් කිරීමට තීරණය කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: