hit counter

2024 සැප්‍තැම්‍බර් මස 20 වන සිකුරාදා

2024 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:04



ජනාධිපතිවරණයට අදාළ නිහඬ කාල සීමාවේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳ සොයා බැලීමට මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ කණ්ඩායමක් යොදා ඇති බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් පියුමි ආටිගල පවසනවා.

ඇය ප්‍රකාශ කළේ, 5 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායම සහ නිරීක්ෂණ සංවිධාන මගින් ලබා දෙන වාර්තාවන් අනුව සමාජ මාධ්‍යයෙන් ප්‍රචාරය වන දුෂ් තොරතුරු ඉවත් කර දමන බවයි.

එමෙන්ම මැතිවරණ දින සහ මැතිවරණයෙන් පසු ප්‍රචාර කටයුතු අවසන් වුවත්, සමාජ මාධ්‍ය හරහා සිදු කරනා ප්‍රචාරණයන් සම්බන්ධයෙන් දැඩි අවධානයක් ලබා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ද සඳහන් කළා.

ඒ, අනුව ඔහු කියා සිටියේ, සමාජ මාධ්‍ය හරහා මැතිවරණය හා සම්බන්ධයෙන් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්වන ආකාරයෙන් ක්‍රියා කළහොත් ඒ් සඳහා අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවයි.

ඒ් සම්බන්ධයෙන් කටයුතු කිරීමට විශේෂයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය ඒ සඳහා වෙනම සේවයක් රඳවා ඇති අතර මැතිවරණ කාලසීමාවේත් ඉන් පසුවත් බුද්ධි අංශ මගින් අවශ්‍ය සම්පූර්ණ පරීක්ෂා කිරීම් සිදු කරනු ලබනවා.

මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් සමාජ ජාලා හරහා යොමු කළහොත් ඒ් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, රටේ සාමයට බාධාවන ආකාරයේ මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා පොලීසිය විශේෂයෙන් අවධානයෙන් පසුවන බවත් , එලෙස කටයුතු කරන සමාජ මාධ්‍ය හිමිකරුවන් සම්බන්ධයෙන් සෙවීමට සමාජ මාධ්‍ය ආයතනවල සහාය ලබා ගන්නා බවයි.

මේ පිළිබඳව බුද්ධි අංශ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලීසිය යන ආයතන එක්ව කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: