hit counter

2024 දෙසැම්‍බර් මස 30 වන සඳුදා

2024 සැප්‍තැම්‍බර් 25, ප.ව. 5:11


ආගමන හා විගමන පාලක රක්ෂිත බන්ධනාගාරයට

ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා අධිකරණ ශාලාව තුළ බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ රදවාගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

පසුගිය පාලන සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ තීරණයට එරෙහි අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි හර්ෂ ඉලුක්පිටිය මහතාට චෝදනා එල්ල වී තිබෙනවා.

එම චෝදනා පත්‍රය කියවාදීමෙන් අනතුරුවයි අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.

අනතුරුව නඩුව ස්වල්ප වේලාවකට කල් තැබූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පසුව නඩුව කැඳවීමට නියෝග කළා.

ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්දිරන් මහතා ඇතුළු පිරිසක් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: