hit counter

2024 ඔක්‍තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා

2024 ඔක්‍තෝබර් 03, පෙ.ව. 12:02



සුරාබදු දෙපාර්තමේන්තුව විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ සියලුම මත්පැන් නිෂ්පාදකයින්ට  2023 – 2024 අදාළව සුරාබදු ගෙවීම් පැහැර හැරියොත් 2025ට අදාළ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ලබා නොදෙන බවටයි.

ඊයේ (02) පෙරවරුවේ සුරාබදු දෙපාර්තමේන්තුව සහ මත්පැන් නිෂ්පාදකයින් සමග පැවති මාධ්‍ය හමුවක දී සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඒ බව පැවසීය.

ඒ අනුව මින් ඉදිරියට නිෂ්පාදනය කරන මත්පැන් ප්‍රමිතියෙන් හා නියමාකාරයෙන් සිදු කිරීමට කිසිදු අක්‍රමිකතාවක් නොවන පරිද්දෙන් තවදුරටත් කටයුතු කළ යුතු වේ.

දූෂණයකට ඉඩ නොදී තමන්ට අදාළ බදු කොටස නිසි පරිදි නියම වේලාවට ගෙවීම සිදු කළ යුතු බවට සුරාබදු දෙපාර්තමේන්තුව මත්පැන් නිෂ්පාදකයින්ට දැනුම්දී ඇත.

2023-2024 වර්ෂ දෙකෙහිම සමස්ත බදු මුදල රුපියල් බිලියන 1.8කට ආසන්න ප්‍රමාණයක් ඇති බවත් ඒ සියල්ල ම නොවැම්බර් 30 වැනිදාට ප්‍රථම ගෙවා අවසන් කරන ලෙසත් එම්.ජේ.ගුණසිරි මහතා නිෂ්පාදකයින්ගෙන් ඉල්ලා සිටියි.

මෙම වසරේ සුරාබදු දෙපාර්තමේන්තුව ඉලක්කගත ආදායම රුපියල් බිලියන 232ක් වේ.

මේ වනවිට බිලියන 162ක් සොයාගෙන ඇති බවත් එය පෙර වසරට සාපේක්ෂව රුපියල් බිලියන 53ක වර්ධනයක් බව ද මෙහිදී ප්‍රකාශ කෙරිණ.

එමෙන්ම, වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් සිදු කෙරෙන නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කෙරිණ.

තවද, නිත්‍යානුකූලව සිදු කෙරෙන මත්පැන් නිෂ්පාදනාගාර සඳහා විශේෂ ස්ටිකර‍යක් ලබාදීමට මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදින අවසන් වීමට ප්‍රථම අවසන් කරන බව ද සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දෙන ලදී.

කෙසේ වෙතත්, එම ස්ටිකරය මගින් ව්‍යාජ මත්පැන් ගැන වැඩි අවධානයක් ලබාදිය හැකි බවට මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරුණේ ය.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: