hit counter

2024 ඔක්‍තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා

2024 ඔක්‍තෝබර් 02, ප.ව. 6:10



දුෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය හිමිව තිබෙනවා.

ඒ බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Mizukoshi Hideaki මහතා පැවසීය.

අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතර හමුව සිදුවිය. ‍

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සිය උණුසුම් සුබපැතුම් පිළිගැන්වූ ජපාන තානාපතිවරයා, ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමට ජපාන රජය කැපවී සිටින බව ද පැවසීය.

එසේම, ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් සඳහා ජපන් භාෂාව හැදෑරීමට සහ ජපානයේ රැකියා සඳහා අවස්ථා සලසා දීමට සහාය වන බවට ද ජපාන තානාපතිවරයා ජනාධිපතිවරයා හමුවේ සහතික වී තිබෙනවා.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: