hit counter

2024 ඔක්‍තෝබර් මස 16 වන බදාදා

2024 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:04



උගන්ඩාවේ සහ සීෂෙල්ස්වල සඟවා ඇතැයි කියන රාජපක්ෂලාගේ ධනස්කන්ධය රැගෙන ඒමට සිය උපරිම සහයෝගය ලබා දෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

“රාජපක්ෂලා හොරකම් කළ සල්ලි උගන්ඩාවේ තියෙනවා නම් ඒ සල්ලි ආපසු අරන් එන්න අපි උපරිම සහයෝගය දෙනවා. අපි දන්න කියන කවුරු හරි උගන්ඩාවේ ඉන්නවා නම් මේ වැඩේට උදව් කරන්න.

ඒවා ගෙනවා නම් මේ ණය ගෙවන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඩොලර් බිලියන 18ක් තියෙනවා කියනවා නේ. එතකොට IMF එක ඕන නැහැ. ලෝක බැංකුව ඕනත් නැහැ. මගෙත් අපේ පවුලෙත් අපේ පක්ෂයෙත් උපරිම සහයෝගය දෙනවා, ඉක්මනට මේ සල්ලි ටික ලංකාවට ගේන්න.”

නාමල් රාජපක්ෂ මේ බව ප්‍රකාශ කළේ සිය පක්ෂයේ ජනහමුවකට එකතු වෙමිනි.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: