hit counter

2024 ඔක්‍තෝබර් මස 16 වන බදාදා

2024 ඔක්‍තෝබර් 08, පෙ.ව. 12:04



මේ වන විට රජය විසින් ඉතාම සැලසුම් සහගතව ඔවුන්ගේ විරුද්ධවාදීන්ගේ සහ රටේ ප්‍රබල ව්‍යාපාරකයිනගේ ආරක්ෂාව තර්ජනයකට ලක්කරමින් තිබෙන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා චෝදනා කරනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, පක්ෂ මූලස්ථානයේ ඊයේ (07) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

“මේ වන විට රජය විසින් ඉතාම සැලසුම් සහගතව ඔවුන්ගේ විරුද්ධවාදීන්ගේ සහ මේ රටේ ප්‍රබල ව්‍යාපාරකයින්ගේ ආරක්ෂාව තර්ජනයකට ලක්කරමින් තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ තිබ්බ ආරක්ෂාව ඉවත් කළා. ඒ සම්බන්ධයෙන් අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ.

නමුත් පහුගිය කාලයේ දැඩිලෙස ජිවිත තර්ජන තිබ්බ මන්ත්‍රිවරු ඉන්නවා. පහුගිය කාලයේ එක් මන්ත්‍රිවරයෙක් මහා පාරේ ගහලා මැරුවා. තව මන්ත්‍රිවරයෙක් මහා පාරේ ගහලා කාර් එක ඇතුලේ තියලා ගිනි තිබ්බා. වෙල්ගම මැතිතුමා පහුගිය දිනක ඒ අකල් මරණයට හේතු වුණේ ඒ වාහනයේ ඇතුලට දාලා ගිනිතියලා ආග්‍රාහනය කරපු ඒ දුම් මත පපුවේ ඇතිවුණ සංකූලතාවයක් නිසා බව බොහෝ දෙනෙක් විශ්වාස කරනවා.

ඒ වගේ මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු දෙදෙනෙක් මහා මඟ මරාදාන්න කටයුතු කරපු තත්වයක් යටතේ සමහර දේශපාලඥයින්ට සහ ජීවිත තර්ජන ඇති ව්‍යාපාරකයින්ට පුද්ගලික පරිහරණය සඳහා ආයුධ ලබාදිලා තිබුණා. මේ වන විට කිසිදු සොයා බැලීමකින් තොරව එම ආයුධ ලබාගන්න හදනවා.

මේ විදිහට ආරක්ෂාව නැති කරලා තමන්ගේ විරුද්ධවාදීන් සියලු දෙනාගේ ආරක්ෂාව නැති කිරීම යම්කිසි කුමන්ත්‍රණයක්ද කියන ප්‍රශ්නය මේ රටේ ජනතාවටත් අපිටත් තිබෙනවා.

ඔබලා යම්කිසි පුද්ගයෙකුගේ ආරක්ෂාව ඉවත්කිරීමට කටයුතු කරනවානම් පළමුව ඒ සම්බන්ධයෙන් නිසි ඇගයීමක් කරලා ඒ ඇගයීම මත ඒ අදාළ බුද්ධි අංශ, ආරක්ෂක අංශ ඒ අදාළ පුද්ගලයාට තර්ජනයක් නැහැ, ආරක්ෂාවක් අවශ්‍ය නැහැ කියලා සහතිකය අරගැනීමෙන් පසු ඒ කටයුත්ත කරන්න. ඔබතුමන්ලා ඉදිරි ඡන්දය බලාගෙන තමන්ගේ විරුද්ධවාදීන් නිහඬ කිරීමේ ඒකායන අරමුණින් මෙවැනි දේ කරන්න එපා කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.”

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: