2024 ඔක්තෝබර් 08, ප.ව. 7:57
ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පවසන්නේ ඉදිරි මහ මැතිවරණයේදී තමා සමගි ජන බලවේගය නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමට නියමිත බවයි.
තම ස්වාමිපුරුෂයාගේ මාපියන් රත්නපුර බැවින් තමාට රත්නපුර සමඟ සම්බන්ධකමක් පවතිනා බවත්, ඒ කෙසේවෙතත් කලාශිල්පිනියක් ලෙස තමාට ජනතාව ආදරය කරනා බැවින් රටේ ඕනෑම දිස්ත්‍රික්කයකින් තරඟ කර ජයග්‍රහණය කිරීමටද හැකියාව පවතින බවත් ඇය පවසයි.
අද (08) පස්වරුවේ නාමයෝජනා අත්සන් තැබීමෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දැක්වූ ඇය,
“දැන් අද වෙනකොට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඉතාම දැඩිව කියනවා මහජන සේවකයින්ගේ මේ වරප්‍රසාද සියල්ල නැති කළ යුතුයි කියලා. මං හිතනවා මේ වෙලාවේ වරප්‍රසාද නැති කරනවා කියලා කියද්දිත් ඡන්දේ ඉල්ලන් එන මිනිස්සුන්ට මේ රට ගැන කැක්කුමක් තියෙනවා.
මං හිතන්නේ ඔය පහුගිය යුගයේ අපි දැක්කා වරප්‍රසාද ගන්නමනේ මිනිස්සු දේශපාලනය කරලා තියෙන්නෙ. අපි අරගල කරේ මුකුත් වරප්‍රසාද අරගෙන නෙමෙයි. අපිට ඒ කැක්කුම තියෙනවා රට වෙනුවෙන් යමක් කරන්නට. අපි අරගල කරෙත් මේ රටේ දුප්පත් මිනිසුන්ගේ බඩගින්න වෙනුවෙන්. ඒ නිසා ඒ කැක්කුම, මේ රටේ මිනිස්සුන්ගේ හද ගැස්ම හඳුනන මේ රටේ මිනිස්සු වෙනුවෙන් සංවේදී වෙන්න පුළුවන් අයව පාට පක්ෂ මොකක් වුනත් කමක් නෑ පාර්ලිමේන්තුවට යවන්න කියලා මං ඉල්ලනවා.”
2024 දෙසැම්බර් 21, ප.ව. 3:42
2024 දෙසැම්බර් 21, ප.ව. 2:05
2024 දෙසැම්බර් 21, ප.ව. 1:41
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:13
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:10
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
20-12-24
20-12-24
19-12-24
19-12-24
18-12-24
18-12-24
17-12-24
17-12-24
17-12-24
17-12-24
16-12-24
16-12-24
16-12-24
16-12-24
16-12-24
16-12-24
15-12-24
15-12-24