hit counter

2024 ඔක්‍තෝබර් මස 16 වන බදාදා

2024 ඔක්‍තෝබර් 10, පෙ.ව. 10:02



මහනුවර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කිරීමට සුජීව සේනසිංහ මහතා සූදානම් වීමත් සමඟ සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයින් අතර ඇති වූ දැඩි නොසන්සුන්තාව සැලකිල්ලට ගනිමින් ඔහු ජාතික ලැයිස්තුවට ඇතුළත් කර අදාළ අර්බුදය විසඳීමට පක්ෂ නායකත්වය කටයුතු කර තිබේ.

ඒ අනුව මෙවර සමගි ජන සන්ධානය තිස්ස අත්තනායක මහතා ගේ නායකත්වය යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවනු ඇත.

සූජීව සේනසිංහ මහතා මහනුවරට අවශ්‍යය බව පවසමින් භික්ෂූන් වහන්සේ පිරිසක් උද්ඝෝෂණයක නිරත වීමටද සැළසුම් කර තිබූ අතර ඒ සඳහා මූලීකත්වය ගෙන කටයුතු කර තිබුණේද සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් ආසන සංවිධායකවරයෙකි.

ව්‍යාජ අර්බුදයක් මවා පෙන්වා සුජීව සේනසිංහ මහතාගේ නම ජාතික ලැයිස්තුවට ඇතුළත් කරවා ගැනීම ඔහු ගේ අරමුණ වී තිබුණු බව සමගි ජනබලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: