hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 ඔක්‍තෝබර් 12, ප.ව. 7:08



දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා

එමෙන්ම අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ගංවතුර සහ නාය යාම්වලට ගොදුරුවී ඇති දිස්ත්‍රික්කවල ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසත්, සහන සේවා කටයුතු කාර්යක්ෂම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන ලෙසත් ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දැනුම් දී ඇති බව සඳහන්

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් සියලු ජනතාවට අවශ්‍ය සහන සැලසීමට රජය කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා, අදාළ පළාත්වල රාජ්‍ය නිලධාරින් සම්බන්ධ කර ගැනීමෙන් ඉදිරියේ දී ජනතාවට එම සහන ලබා ගත හැකි බවත් පැවසුවා

මෙම සහන සේවා කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 50ක් වෙන් කරන ලෙස මුදල් අමාත්‍යාංශයට උපදෙස් දුන් ජනාධිපතිවරයා අදාළ සහන නිසි පරිදි ජනතාව අතට පත් කිරීමට මනා සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කරන ලෙසද රාජ්‍ය නිලධාරීන්ට වැඩිදුරටත් දැනුම් දුන්නා





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: