hit counter

2024 ඔක්‍තෝබර් මස 16 වන බදාදා

2024 ඔක්‍තෝබර් 14, පෙ.ව. 11:21



2024 මහ මැතිවරණයෙන් ගෑස් සිලින්ඩරයෙන් මහනුවර දිස්ත්‍රික්කයට තරග කරන අපේක්ෂකයන් පස්දෙනෙකු පාර්ලිමේන්තුවට රැගෙන යන බව එක්සත් ජාතික නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ මහ මැතිවරණයේ ප්‍රචාරක රැස්විමක් ඊයේ (13) පස්වරුවේ නාවලපිටිය නගරයේ පිහිටි මහින්දානන්ද පදනම් කාර්යාලයේ පැවති අවස්ථාවේදිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ මේ රටේ බහුතර ජනතාවක් එකට එකතු වි රටේ ජනාධිපතිවරයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතා තොරාපත් කරගත් බවයි.

අනුර කුමාර දිසානායක මහතා බලයට පත් විමෙන් අනතුරුව මේ රටේ සැබැ විප්ලවයක් සිදු කරන බවට ජන්දය ලබාදුන් ජනතාව විශ්වාස කලද එවැන්නක් මෙතෙක් සිදු වි නොමැති බවත්, ගමේ සංවර්ධනයට ගමේ කෙනෙක් පාර්ලිමේන්තුව නියෝජනය කල යුතු බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.

මෙම ප්‍රචාරක රැස්විමට එම සන්ධානය යටතේ තරග කරන අපෙක්ෂක අනුරාධ ජයරත්න, එස්.වේළුකුමාර්, ශාන්තිනි කොන්ගහ යන මහත්ම මහත්මියන්ද සහභාගි විය.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: