hit counter

2024 ඔක්‍තෝබර් මස 16 වන බදාදා

2024 ඔක්‍තෝබර් 15, පෙ.ව. 12:02



මේ දවස්වල වැඩියෙන්ම කියවෙන නම් අතර, දමිතා අබේරත්න නම හරි විශේෂයි.

ඒ, ඇයගේ දේශපාලනය එක්ක.

දේශපාලන කටයුතුවලින් එහාට ගියාම දමිතා අබේරත්න කියන දක්ෂ ,ප්‍රවීණ රංගන ශිල්පිනියට ලැබෙන අසීමිත ආදරයේ අදටත් කිසිදු වෙනසක් ඇත්තේ නෑ.

ඊට කදිම නිදසුනක් අපේ ඇස ගැටුණා ජනප්‍රිය නිළි දිලිනි ලක්මාලිගේ මුහුණු පොතෙන්.

කලා ශිල්පිනියක් ලෙස ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් දිලිනිගේ මේ කතාවත් එක්ක නම් එකඟ වේවි..

“මුලින්ම කියන්න ඕනේ මේ පොස්ට් එක මම ලියන්නේ මේ මොහොතේ අවංකවම මට දැනෙන හැඟිම එක්ක මිසක් වෙන කිසිම අරමුණකින් නොවන වග.. දමිතා අබේරත්න මහත්මිය මගේ වචනයෙන් නං මට පොරක්.. ඒ වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි ඇයගේ අති විශිෂ්ඨ රංගන කෞශල්‍ය නිසා.. එක ඔබ මම අවිවාදයෙන් පිළිගත යුත්තක්.. මේ රංගන ජීවිතේ ඇය රංගන ශිල්පීනියක් විදිහට දෙස් විදෙස් සම්මානයන් රාශියකට උරුම කම් ලබා තියෙනවා( එය මට නං හීනයක් ).. ඇය රංගනයෙන් දායක වූ නිර්මාණයන්වල චරිතයන්හි නම් අපිට අදටත් මතකයි… ඇයගේ රංගන දක්ෂතාවයට මං හරිම කැමති, ඒ දිහා බලාගෙන ඉගෙන ගත්ත දේවල් බොහොමයක් මට තිබුනා…
මට කියන්න ඕන උනේ මෙච්චරයි මම කොටින්ම ඇය දේශපාලනය කරනවාට කිසිම කැමැත්තක් නෑ..මට ඕනේ ඒ දමිතා අබේරත්න කියන්න විශිෂ්ඨ රංගන ශිල්පීනිය යලි පුංචි තිරේ දකින්න..ඇගේ රංගනය තුලින් නිර්මාණය වන නිර්මාණයන් දකින්න.. මොකද ඒ හැකියාව අපි කොහොම කිව්වත් අද අපේ රටේ අතලොස්සක් ජේෂ්ඨ කලා ශිල්පිනියන් අතරේ ඇය ඉහළින්ම ඉන්න නිසා… ආදරණිය දමිතා අක්කේ.. මං ලංකාවෙන් එද්දි කිව්වා ඔයාට ලොකේ කොහේ හිටියත් අපිට බලන්න ලස්සන නිර්මාණයන් වලින් එන්න කියලා… ඔයාව මේ කලාවට ඕනේ එදා අද වගේම හෙටටත්…. ආදරෙයි ඔයා මට නිරන්තරයෙන්ම දක්වන සෙනෙහසට, ආදරයට.. මේ වචන ටික අන්න ඒ ආදරයට ..”

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: