2024 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:03
රාජ්‍ය රහස් ප්‍රසිද්ධ කිරීම අපරාධමය වරදක් බැවින් පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධ වාර්තාවක් ප්‍රසිද්ධ කරන විට කොහෙන් කොටු වෙයිද කීමට නොහැකියි.
මේ නිසා ඒවා හෙළි කරන්නේ නම් ගම්මන්පිල ඉතා පරිස්සමින් ඒ වැඩේ කරන්නට ඕනෑ යැයි ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා පැවසීය.
‘ජනාධිපති කොමිෂන් වාර්තා, පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තා වගේ පාස්කු වාර්තා කිහිපයක් තිබෙනවා. ජනා ධිපති කොමිෂන් සභා වාර්තාවක් නම් අවුරුදු තිහක් යනතුරු කිසිවකුට ප්‍රසිද්ධ කරන්න බැහැ. ජනාධිපති කොමිෂන් සභා සම්බන්ධ නීතියට අනුව ඒක ලැබෙන්න පුළුවන් ජනාධිපති අතට විතරයි
ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ කමිටුවකින් හෝ වෙනත් ආයතනයකින් පත් කළ කමිටු වාර්තාවක් වුණොත් ජනාධිපති හෝ කමිටුව රහස් වාර්තාවක් ලෙස සලකන්නයි කියලා තියෙනවා නම් ඒ වගේ වාර්තාවක් ප්‍රසිද්ධ කරන්නත් පුළුවන්කමක් නැහැ.
ගම්මන්පිල ප්‍රසිද්ධ කරනවා කියන වාර්තාවේ ස්වභාවය අනුව එය ආරක්ෂා කළ යුතු රාජ්‍ය රහසක් නම් ගම්මන්පිල කරන්නේ අපරාධ නීතිය යටතේ වරදක්. ඒ නිසා ගම්මන්පිල පරිස්සමෙන් ඔය වැඩේ කරන්න ඕනෑ. කොහෙන් කොටුවෙයි ද කියන්න බැහැ.’
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 10:27
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 10:01
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 9:02
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 9:00
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:19
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
21-09-26
21-09-26