hit counter

2024 දෙසැම්‍බර් මස 23 වන සඳුදා

2024 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:07



වත්මන් ජනාධිපතිවරයා පත් කිරීම සඳහා ඇමරිකානු රජය විශාල කාර්යභාරයක් ඉටුකළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

අවාසනාවකට මේ වනවිට රට පාලනය වෙන්නේ ඇමරිකාවේ වුවමනාවට අනුව බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔහු මේ බව සඳහන් කළේ, අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැ දැකීමට ඊයේ (25) පෙරවරුවේ මහනුවරට පැමිණ අවස්ථාවේදියි.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ මන්ත්‍රීවරයා කියා සිටියේ,

“මේ රට අනාගාමික රටක් කරන බවට වත්මන් ජනාධිපතිතුමාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිවම සඳහන් වෙලා තියෙනවා. ඒ පිළිබඳව මහනාහිමිවරු බැහැදක උන්වහන්සේ දැනුවත් කිරීමට සඳහා අපි ආවා. ඉංග්‍රීසි ජාතිකයන් රට පාලනය කරන කාලෙවත් මේ රට අනාගාමික රටක් වශයෙන් ප්‍රකාශයට පත් කරලා නෑ. ඒ වගේම ඉතාමත් භයානක ආකාරයෙන් ඇමරිකාවට ඕන විදියට රජයේ කටයුතු සිදුවෙමින් පවතිනවා. මේ රජයේ පත් කිරීම සඳහා ඇමරිකාව විශාල කාර්යභාරයක් කළා. අවාසනාවකට වගේ මේ රටේ රජයේ කටයුතු දැන් සිද්ධ වෙන්නේ ඇමරිකාවේ ඕනා එපාකම්වලට අනුවයි. ඇමරිකාව එක්ක තිබ්බ සම්බන්ධතා ජනතාව දැනගනියි කියලා ජනාධිපතිතුමා දැන් තමාගේ සමාජ මාධ්‍ය ගිණුම්වල පරණ පෝස්ට් මකනවා කියලා අපිට ආරංචියි. නමුත් පත්වෙලා මාසයක් යන්න පෙර ජනතා අප්‍රසාදයට පත්වූ එකම රජය මේක තමයි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: