hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2024 ඔක්‍තෝබර් 30, ප.ව. 12:34


ජොන්ස්ටන් ප්‍රනාන්දුට අද ලැබුණු අධිකරණ තීන්දුව මෙන්න

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ ඔහු අද (30) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි.

කොළඹ – හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී මෙරටදී එකලස් කරන ලද, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ බව කියන BMW වර්ගයේ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු පසුගියදා (23) අත්අඩංගුවට ගනු ලැබුවා.  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: